කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකිකයෙකු ජීවිතක්ෂයට තවත් අයෙකු අතුරුදන්
කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ 2023.03.23 දින පෙ.ව 8.30ට පමණ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.
මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයෙකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයෙකුද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටින බව, කටාර්හි සේවය කරන ඔහුගේ පුත්‍රයා විසින් තානාපති කාර්යාල නිළධාරීන්ට දැනුම් දී ඇත. මෙම පුද්ගලයින් කටාර්හි සේවය ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු වේ.
මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිළධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් තිබේ.
කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයින් බේරා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනෙකු මේ වන විට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන අතර, 2023 වසරේදී ශ්‍රි ලාංකිකයින් 13,042 කු කටාර්හි රැකියාව සඳහා පිටව ගොස් ඇත. ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වන විට කටාර්හි රැකියාවේ නිරතවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

