රජයේ ප්‍රධාන ව්‍යවසායන් 7ක් පෞද්ගලීකරණය කිරිමට ඒකකයක්
තෝරාගත් රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමට සහාය වීම සඳහා රජය විසින් මුදල් අමාත්‍යාංශය යටතේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (SRU) නමින් ඒකකයක් පහිටුවා තිබේ.
රජය සතු ව්‍යවසාය අංශය ඇතුළු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් එවැනි ප්‍රතිසංස්කරණ ආර්ථිකය පුරා තරඟකාරිත්වය, ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇති බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
මේ අනුව රජය සතු ප්‍රධානම ව්‍යවසායන් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (ශ්‍රී ලංකන් කේටරින් ඇතුළුව), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කැන්විල් හොල්ඩින් (ග්‍රෑන්ඩ් හයට් හොටෙල්), හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් (හිල්ටන් හොටෙල්), ලිට්රෝ ගෑස් සමාගම (ලිට්රෝ ග්රෑස් තොග ගබඩා පර්යන්තය ඇතුළු) මෙසේ පෞද්ගලීකරණය කිරීමට නියමිතය.
ඉහත ආයතනවලට ගණුදෙණු උපදේශන සේවා සැපයීමට සහ කොටස් අයිතිය පැවරීමේදී ඔවුන්ට සහාය වීමට පිළිගත් වෘත්තීය සහ සුදුසුකම් ලත් උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතන මේ අනුව පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එවැනි සේවාදායක උපදේශක සමාගම් තෝරා ගැනීම නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.
popular news
-
Wimal Wijeratne Friday, 24 March 2023 02:18 AM
Okkotoma 10% denawane. No problem
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

