භූමිතෙල් මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ. මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.
කෙසේ වෙතත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.