වරාය සේවකයන් වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටියි. මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
රජය ක්රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මෙම විරෝධතාව අරම්භ කර තිබේ.