ලේ සුවඳට ඉව ඇල්ලූ අයගේ පළමු දඩයම ලෙස අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ජීවිතය අහිමි වී ඇති බව 43 සේනාංකය පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ එම සිදුවීම පැහැදිලිවම ඝාතනයක් බවය.
ලේ වැකුණු අතීතය මතක් කරමින් ලේ සුවඳට ඉව අල්ලන්ට තටු ලබා නොදී සියළු ප්රජාතන්ත්රවාදී බලවේග එක්විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කළ බව කියන ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතීන් වන ජීවත් වීමේ සහ ඡන්ද අයිතිය සපුරාලීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කිරීමට ද රණවක මහතා මෙහිදී කටයුතු කිරීම විශේෂත්වයකි.
“අපි බොහොම පැහැදිලිව අනතුරු ඇඟෙව්වා. මේ මැතිවරණය කල් දැමීමේ ක්‍රියාවලියත් සමග ආණ්ඩුව තුළ ලේ, සුවඳට ඉව අල්ලන පිරිස් සිටින බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ආණ්ඩුව තුළ. ඒ ලේ සුවඳට ඉව අල්ලපු අයගේ පළමු දඩයම ලෙස මේ අහිංසක මහත්මයාව, මේ ඡන්ද අපේක්ෂකයාව බිලි අරගෙන.
ජනාධිපතිතුමා නම් කියන්නේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයයි, ජනමත විචාරණයයි, මහ මැතිවරණයයි විතරයි කියලා. ඒ නිසා ඔහු ව්‍යවස්ථාවෙන් බැඳිලා නැහැ කියලා පළාත් සභා ඡන්ද හා පළාත් පාලන ඡන්ද පවත්වන්න. නමුත් මේ රටේ පළාත් පාලන ඡන්දය කියන්නේ පළාත් සභා ඡන්දය කියන්නේ දෙකම ජනතාවගේ පරමාධිපත්‍යය අභ්‍යාස කරන අවස්ථා දෙකක්.
එම අවස්ථා දෙකම අද තහනම් කරලා තිබෙන බව රණවක මහතා පෙන්වා දෙයි. ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණයක් පවත්වන තෙක් මැතිවරණ සිතියම හැකිලීමේ උවමනාවක් ජනාධිපතිවරයාට තිබෙන බව පෙනී යයි. ඒ අරමුණ සඳහා අවශ්‍ය වන මර්දන යාන්ත්‍රණය පවත්වාගෙන යාමට ගැලපෙන පොලිස් ඇමැතිවරයෙක් සහ පොලීසියක් ජනාධිපතිවරයාට ලැබී තිබේ.
“ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 82 ජනාධිපති ජය ගත්තට පස්සේ ඔහු කිව්වා කුමනත්‍රණයක් තියෙනවා කියලා. ඒ පාර්ලිමේන්තුවට එන්න යනවයි කියලා. ඒ ගැන අදහස් කළේ කාටද? විජය කුමාරතුංග ප්රමුඛ පිරිසට. නැක්සලයිට් කුමන්ත්‍රණය කියන එකට මුවාවෙලා 83 පවත්වන්නට නියමිතව තිබිච්ච මහ මැතිවරණය ජනමත විචාරණයක් මගින් කල් දැම්මා. ඒ ජනමත විචාරණය ගැන හැමෝම දන්නවා. ඒක ඡන්ද කොල්ලයක්.
එතනින් පටන් ගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදී විපක්ෂය මර්දනය කිරීම හේතුවෙන් රට තුළ ලේ වැකුණු බරපතල සිදුවීම් කිහිපයක් ම සිදුවූ බව ද රණවක මහතා මෙහිදී සිහිගැන්වීය.
“මේ ගමන් මගෙන් ඈත් වෙන්න කියන එක අපි බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි නැවතත් අවධාරණය කරනවා මේ අමරසිරි මහත්මයාගේ මරණයෙන් අපි ඉගෙනගත යුතු පාඩම අපි ලේ කුපිතක වෙලා ඒ ඡන්දෙන් සම්බන්ධයෙන් වූ ක්‍රියාදාමයන් වලට අපි ගමන් කළොත් අර ලේ වලට ඉව අල්ලන, තව අවුරුදු හයකට පාර්ලිමේන්තු කාලය දිග් ගහගන්න හිතන් ඉන්න. මේ කල්ලිය කණ්ඩායම් වලට තටු ලැබෙනවා.
ඔවුන්ට මේ මර්ධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වටපිටාව සැකසෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විපක්ෂයේ සියලුම බලවේග වලින් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී බලවේග වලිනුත් මේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව එක පෙරමුණකට, එක සන්ධානයකට අපි ගමන් කළ යුතුයි.
රටේ ප්රජාතන්ත්රවාදය ගැන නිරන්තරයෙන් නිවේදන දමන, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන, සියලුම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලිනුත් අපි ඉල්ලනවා කරුණාකරලා උතුරේ විතරක් නෙවෙයි උතුරේ, දකුණේ, බටහිර මේ හැම තැනකම නැගෙනහිර ක්‍රියාත්මක වෙන මේ මානව හිමිකම් කඩවීම් ගැන, මේ මර්ධනය ගැන, ප්රජාතන්ත්රවාදයට අගුලු දැමීම ගැන ඔබේ හඬ අවදි කිරීම ගැන අපි බලාපොරොත්තුවෙන් සිටිනවා කියන එක.”
රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, ඡන්ද අයිතිය යන මූලික අයිතීන් සපුරාලීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොමැති බව රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙහිදී මතක් කර දුන්නේය. එසේ නොවුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ රටේ ජනතාවගේ මානව හිමිකම්, ප්රජාතන්ත්ර අයිතීන් යටපත් කරන්න ඉන්න ආයතනයක් ඒකට සහය දෙන ආයතනයක් හැටියට සැළකීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.