රවීට ඒරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බව අභියාචනාධිකරණය කියයි
මහ බැංකු බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය අද (28) තීරණය කළේය.
නීතීපතිවරයා තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව එලෙස තීරණය කළ අභියාචනාධිකරණය මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට රිට් ආඥාවක්ද නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් හමුවේ පෙත්සම සළකා බලන ලදී.
2015 මාර්තු මස 29 සහ 31 වැනිදා පැවති රජයේ බැදුම්කර නිකුතුවකදී රජයට පාඩු සිදුකරන ලදැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතීපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරන ලදී.
ඊට එරෙහිව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
popular news
-
Deepal Nirosh Tuesday, 28 February 2023 11:27 PM
ඔන්න දැන් ඉතින් හරි නෙව, අල්ලනව කියන තව තව හොරු ඇල්ලවත් අන්තිම තීරණය මේක නේ ද? අර කවුද ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුවෙ කිව්ව වගේ “ අපි අල්ලනව කියපු බැඳුම්කර හොරෙක් නැහැ, මොකද එහෙම බැංකු මංකොල්ලයක් මෙතන සිද්ධ වෙලා නැහැ“
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

