තවදුරටත් ප්රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසයි. ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබර්ට් මෙනෙන්ඩෙස් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ මැතිවරණය පවත්වන ලෙස ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.
"ශ්රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්රයත්නයක් ප්රජාතන්ත්ර විරෝධී වන අතර එය ශ්රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක්" යැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.