පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය සහිතව රජයේ අනුමත සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කොට ඇති බව එහි උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයාගේ කාර්යාලයේ දී අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා ඒ බව අවධාරණය කළේය .
විශ්ව විද්‍යාල සේවකයෙකු හිතුමනාපයේ වැඩ තහනමකට ලක්කිරීමට හෝ අනිවාර්යය නිවාඩු යැවීමට හැකියාවක් නොමැති බවත් එසේ කළ හැක්කේ සොරකමක්, මූල්‍ය වංචාවක්, මත්ද්‍රව්‍ය චෝදනාවක්, විශ්වවිද්‍යාල දේපළවලට අලාභයක් සිදු කිරීම හෝ වෙනත් චෝදනා සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක වාර්තාවක් පදනම් කරගෙන පමණක් බවත්උපකුලපති වරයා පැවසීය .
දැනට චෝදනා නැගෙන එම ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා මීට පෙර 2015 වසරේදී වැඩ තහනමකට ලක් කිරීමෙන් පසුඅධිකරණ තීන්දුවක් මත ඔහුගේ හිග වැටුප් ද සමග ඔහු නැවත සේවයේ පිහිටුවීමට සිදු වූ බවත් පැවසීය .
ඒ අයුරින් එම සේවකයා නැවත වරක් නිසි විමර්ශනයකින් තොරව වැඩ තහනමකට ලක් කළහොත් හෝ හෝ අනිවාර්ය නිවාඩු යැවීමට ලක් කළහොත් විශ්වවිද්යාලපාලන අධිකාරියට නැවත වරක් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද උපකුලපතිවරයා අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න