හිඟුරක්ගොඩ හා පොලොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්වැල් 08 දරණ ස්ථානයේ පිහිටි ගල්වල පාරේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 මැයි 20 හා 21 වැනි දිනවල අළුත්වැඩියා කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් එම හරස් මාර්ගය 2023 මැයි 20 වැනි දින පෙරවරු 8 සිට මැයි 21 වැනි දින පස්වරු 4.30 දක්වා පූර්ණ වශයෙන් වසා තැබෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සම්පූර්ණ වශයෙන් වසා දමන කාලයේදී වාහන ගමනාගමනය සඳහා සැතපුම් 155 දම්වැල් 49 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂඋයන කර්මාන්තපුර මාර්ගය භාවිත කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.