විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ ක්ෂේත්රයේ ඉදිරි කටයුතු පිළිබඳව හමුවක් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්යක්ෂවරයා සමග අද උදෑසන පවත්වනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
මෙහිදී මෙරට විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට, අක් වෙරළ සුළං ව්‍යපෘති, ඉන්දු ලංකා විදුලි සම්බන්ධතාවය සහ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ලබා දෙන තාක්ෂණික සහය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුල්‍ය සහය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ලැබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.