saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4492 hours ago

LATEST

PUCSL ප්‍රකාශය ඇමති ප්‍රතික්ෂේප කරයි

calendar_today 2022 දෙසැ 05 - 12:29 remove_red_eye - 519  

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලද පරිදි ගාස්තු සංශෝධනයකින් ලංවිමේ අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නාවික හමුදාව ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (05දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් විසි දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද (5දා) අලුයම සිට උදැසන අට පමන වනතුරු දැඩි මීදුම් තත්වයක් පැවති බව ජනතාව පවසති.

Read More

විදෙස් සංචාරකයින් 481 දෙනෙකු රැගත් AZAMARA QUEST මගී නෞකාව අද (05දා) හම්බන්තොට ජාත්‍යයන්තර වරායට සේන්දු විය.

Read More

තමා ජනපතිධුරයේ කාර්ය මණ්ඩල නඩත්තුව සම්බන්ධයෙන් පුවත්පත්වල හා ඇතැම් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවල පළකල ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව සඳහන් කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

Read More

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරු පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ ‍(04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Read More

ලබන වසරේදී අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අවධානයට ලක්විය.

Read More

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අද (05දා) අලුයම කිලිනොච්චිය 247 වැනි කිලෝමීටර කණුව අසල දී අනතුරට ලක්වීමෙන් එහි සිටි 19 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

2023 වසරේදී අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 56.90ක වියදමක් දැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

පවුල හැරගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරිදගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් අතවරයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටාඩියෙකු ඊයේ (04) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සිසුවකු යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව විදුලි කනුවක ගැටි මරණයට පත්වු අතර මිතුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.

Read More

කැලණිය වරාගොඩ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ගින්නක් හට ගෙන තිබේ

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ඇති වී තිබෙන වැසි තත්ත්වය මේ මස 09වැනිදා දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා විමෙන් පසු අධික ලෙස මිල ඉහළ ගොස් තිබු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වන විට අඩු කර වි ඇති බව හිටපු අමාත්‍ය සහ පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයේ කයිලියන් එම්බපේ තවත් සුපිරි වාර්තාවක් සමකිරීමට සමත්විය.

Read More

ඔලිවර් ජිරවුඩ් හා කයිලියන් එම්බගේ ගේ විශිෂ්ඨ ප්‍රහාරය හේතුවෙන් මෙවර තරගාවලියේත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පසුගියවර ලෝක ශූර ප්‍රංශය සමත්විය. ඒ් පෝලන්තය ගෝල 3-1 ක්‌ ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අග් තුමාමා ක්‍රීඩාංගණයේදි පැවැත්වින.‍

Read More

බස් රථවලට නිසිලෙස මගීන් නොමැති විම නිසා දෛනික ආදයම අඩුවෙමින් තිබෙන බවත් මේ නිසා සති අන්තයේ හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල බස් රථ ධාවනය කිරිම 50% ක් අඩු කිරිමට කටයුතු කරණ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි

Read More

පාසල් 1000ක් සඳහා මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

Read More

විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා වාරය (දෙසැම්බර් )උඳුවප් පුන් පෝය (07) දා සිට ආරම්භ වී 2023 වසරේ වෙසක් පුන් පෝය දිනයෙන නිමාවට පත්වීමට නියමිතය.

Read More

එලඹෙන වසරේදී සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ රට පුරා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර ඇති අතර එම අස්වැන්න එළඹෙන වසරට ප්‍රමාණවත් වන බවයි.

Read More

අන්තර්ජාතික ටෙස්ට් පිටියේ වැඩිම කඩුළුලාබීන් අතර තවත් ඉදිරියට පැමිණිමට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමත්විය. ඒ් බ.ඉ.කොදෙව් සමගින් පැවති තරගයේදී කඩුළු 6 ක් දවා ගැනීමත් සමගිනි.

Read More

ලෝක ‌බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.

Read More

ප්‍රා දේශීය ලේකම්ට කැමති විදිහට බෙදන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අපි ඒක තාවකාලිකව නවත්වලා තියෙන්නේ. අපි කොමිටියක් දානවා. ඒ අනුව තමයි ඉඩම් බෙදන්න දෙන්නේ. ඒකත් තාවකාලිකයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටියි. එහිදී ඔහු ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බොහෝ ඇමෙරිකානු නිලධාරීන් පෙන්වා දී ඇති කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.

Read More

විදේස්ගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙ ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි යන කටකතා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ණය බරින් මිරිකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට බෙදීමටත් ඉතිරිවන කාර්යයන් සිදුකිරිම වෙනුවෙන් තවත් ආයතනයක් ස්ථාපිත කරන ලෙසත් විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වෙනුවෙන් පත්කළ කමිටුව විසින් යෝජනා කර තිබේ.

Read More

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළදුන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.