
මාර්ගය හරහා පාර මාරුවීමට ගිය පාසල් දැරියක් රිය අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව පදිංචි පේෂලා දෙව්මිණී නැමති 11 හැවිරිදි පාසල් දැරියකි. ඇය ආරච්චිකට්ටුව ප්‍රාථමික විද්‍යාලයේ 05 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීම පිණිස හැළඹවටවන ශ්‍රී සද්ධානන්ද මහා විදුහලට ඇතුලත් වීඇති අතර ඉකුත් 03දා ආරච්චිකට්ටුව ප්‍රාථමික විදුහලේ පැවත්වෙන අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා එම විදුහලට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.
පාසල් දැරිය සිය මව සමග මගීප්‍රවාහන බස්රථයකින් මෙම උත්සවයට සහභාගී වීමට පැමිණ මවට කලින් මාර්ගය හරහා පැනීමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇත. අනතුර සිදුවන ස්ථානයේ සිට මාර්ගය හරහා ගමන් කිරීමට ඇති සුදුඉරට මීටර් 5ක පමණ දුරක් ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණ වලදී හා සී සී ටී වී දර්ෂණ වලින් තහවුරුව ඇති බව පොලීසිය පවසයි.
දැරියගේ මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද කොළඹ ජාතික රෝහලේදී පැවත්වීමට නියමිත බව පොලීසිය පවසයි. අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න