ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.
ඉහළම මට්ටමක පැවැති උද්ධමනය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණි.
මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනය වන අතර එහි අගය 139%කි.
සියයට 59ක ආහාර උද්ධමනයක් පවතින ශ්රී ලංකාව එම ලැයිස්තුවේ දස වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණ කරයි.