saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4447 hours ago

LATEST

ජූනි අවසන් සතියේදී ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

calendar_today 2023 ජුනි 19 - 18:49 remove_red_eye - 681  

ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700කමුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කර සිටියි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොලොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

දහතුන් හැවිරිදි තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුලදීම මව්පිය යුවලක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේන බව පොලිසිය කියයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය අද (19)සිට ආරම්භ වේ. මෙම පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම පසුගිය 9 වන දා සිදු කළ අතර, රුහුණු මහා කතරගම දේවාලයෙහි වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසල පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ අධි ආරක්ෂක කලාපයට හිස් පතුරම් කොපු 32 ක් ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය යටිනුවර වීදිය සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ .

Read More

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.

Read More

ජේ.වී.පී,රැස්වීම්වල හිටපු අය දැන් අපේ රැස්වීමවලට එන බවත් රට ආර්ථික වශයෙන් ගොඩනැගෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

රාජකාරියේ යෙදී සිටියදී රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමේ චෝදනාවට, මීට වසර දහයකට පෙර වැඩ තහනමට ලක්වූ ගාල්ල පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18දා) රුපියල් ලක්ෂ 3කට වැඩි හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

පෙම්වතා විසින් ඇයට වලස්මුල්ල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී පසුව බස්රථයකින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත.

Read More

රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙක්ද වන ඒ මහතාගේ පත්වීම ලබන අගෝස්තු මස 1 දින සිට ක්‍රියා්මක වෙයි.

Read More

හිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි ඩී එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව 20දා සිට ලබන 23 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඒ අනුව 20දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

Read More

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් අද (18දා) පෙරවරුවේ මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.

Read More

තව මාස දෙක තුනක් අරගලය තිබුණා නම් තාත්තලා නැති දරුවේ හම්බ වෙන්න තිබුණා. ෂෙඩ් වලිනුත් ඔය වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. රටේ වාසනාවකට රනිල් මහත්තයා ඇවිල්ලා අරගලය ශුද්ධ නොකරා නම්.

Read More

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි පන්නල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් එම මත්කුඩුද සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.

Read More

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානය සදහා බලංගොඩ හදගිරිය නව පිවිසුම ආශ්‍රිතව සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේය.

Read More

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප් , හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10 කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතීඥ රත්නසිරි කලුපහන මහතා ප්‍රකාශ කළේය.

Read More

විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.

Read More

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.