ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන වර්ග කිහිපයක හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දිය තෙල් සමාගම සතු කිසිදු ඛනිජ තෙල් නිෂ්පාදනයක හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් ද ලබන 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.