ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.
ඊයේ සිට (2023 ජූනි 17) ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන අතර ජනාධිපතිවරයා විදෙස් නිල සංචාරය නිමවා දිවයිනට පැමිණෙන තුරු කනක හේරත් මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.