හිබුටාන සල්මල් උයන ප්රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි
එම සැකකරු සමඟ තුර්කියේ නිෂ්පාදිත 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 10 ක් මෙන්ම හොරෙයින් මත්කුඩු මිලිග්රෑම් 5250 ක් පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු මිනීමැරුම් කොල්ලකෑම් සොරකම් රැසකට සම්බන්ධ පවතින නඩු විස්සක් ඇති වරෙන්තු හයක සැකකරුවෙක් බව බව පොලිසිය කියයි
මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයෙ(19) අලුයම 3 සිට 5 දක්වා හිඹුටාන සල්මල් උයන ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
පොලිස් කොස්තාපල්(98506) මධුශංක නිලධාරියා සැකසහිත තී රෝද රථයක් නවතා එහි පිටුපස සිටි පුද්ගලයා ශරීර පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ ඉන තුළ යම් දෙයක් සඟවා ගෙන ඇති බවට අනාවරණයවී වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේ දී සැකකරු එකවරම ගිනිඅවිය පිටතට ගෙන කොස්තාපල් වරයාට වෙඩි තැබීමට උත්සාහ දැරීමත් සමගම වහා ක්රියාත්මක වූ කොස්තාපල්වරයා සැකකරු ගේ අත තදින් අල්ලාගෙන සෙසු නිලධාරීන්ට ඒ බව පැවසීමත් සමග ම වහා ක්රියාත්මක වූ අනෙකුත් නිලධාරීන් අවම බලය යොදා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත
තිරෝද රථය පදවාගෙන ආ සැකකාර හිටපු හමුදා සෙබලා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ක්ලේමන් නමැත්තා ගේ ගෝලයෙක් බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි
එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු තිබී පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු අවිස්සාවේල්ල හෝමාගම කැස්බෑව බණ්ඩාරවෙල ආදී අධිකරණවලින් වරෙන්තු ලැබුවෙක් බව පොලිසිය කියයි
හාලිඇල ප්රදේශයේ ස්ථිර පදිංචි සැකකරු රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බව පොලීසිය කියයි
ත්රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ හිටපු හමුදා සෙබලා මුල්ලේරියාව පදිංචිකරුවෙකි