ශ්රී දළදා මාලිගාවේ අධි ආරක්ෂක කලාපයට හිස් පතුරම් කොපු 32 ක් ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය යටිනුවර වීදිය සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ගෙන් ප්රකාශයක් ලබාගෙන තිබේ .
ශ්රී දළදා මාලිගාවේ අධිආරක්ෂක කලාපයට හිස් පතුරම් කොපු ගෙනයාමේ සිද්ධියට අත්අඩංගුවට පත් නගර සභා සේවකයන් දෙදෙනාගෙන් පොලිසිය සිදුකළ ප්රශ්න කිරීම්වලදී එම පතුරම් කොපු යටිනුවර වීදිය හමුදා කඳවුරේ කසල ගෙන යාමට ගිය අවස්ථාවේ එහි නිලධාරීන් විසින් ලබාදුන් බවට පවසා තිබුණි .
යටිනුවර වීදිය සිංහ රෙජිමේන්තුවේ කසළ එකතු කිරීමේ රාජකාරිය ද මෙම කසල ලොරියට පැවරී තිබී ඇති අතර රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් ලබාදී ඇති මෙම හිස් පතුරම් කොපු පිත්තල බරට අලෙවි කිරීම සඳහා එසේ කසල ලොරියේ පසෙක එල්ලා තිබූ බවද ඔවුන් පවසා තිබේ .
එසේ එම පතුරම් කොපු බෑගය කසල ලොරියේ එල්ලාගෙන දළදා මාලිගාව අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී නගර සභා සේවකයන් දෙදෙනා ඊෙය් (18) අත්අඩංගුවට පත්ව තිබුණි .
එම කසල ලොරිය නගරයේ දෛනික කසළ එකතු කිරීම් සිදුකිරීමෙන් අනතුරුව හොඳින් සෝදා පවිත්ර කොට දළදා මාලිගාවේ අධිආරක්ෂක කලාපයට රැගෙනවිත් පසු දින පෙරවරුවේ එහි එකතුවෙන කසල ද රැගෙන නගරයේ පිරිසිදු කිරීම් කටයුතු වලට සම්බන්ධ වන බවයි එම සේවකයන් දෙදෙනා පොලීසියට ප්රකාශ ලබා දෙමින් පවසා ඇත්තේ .
මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නලින් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .