දහතුන් හැවිරිදි තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුලදීම මව්පිය යුවලක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේන බව පොලිසිය කියයි.
වැලිමඩ පුහුල්පොළ පදිංචි හතලිස් දෙහැවිරිදි පියා සහ තිස් අට හැවිරිදි මව වස පානය කිරීමෙන් පසු දැඩි ලෙස අසාධ්යවීමත් සමග වැලිමඩ මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
දෙමාපිය යුවල වස පානය කිරීමට හේතුව වු දැරිය වැලිමඩ නගරයේ සවස් කාලයේ දින කිහිපයක් තනියෙන් ගැවසී තිබේ.
මේ පිළිබදව සැක සිතු පොලිස් නිලධාරීන් ඇය පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කිරීමෙන් පසු වාර්තාවක් ලබා ගැනීමට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර වාර්තාව ලබා ගැනීමෙන් පසු දැරියගේ දෙමාපියන් 18 දින පොලිසියට කැදවා රෝහල් වාර්තාව අනුව දැරිය අතවරයට ලක්ව ඇති බව දෙමාපියන්ට දැනුම් දී තිබේ.
දැරියගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර එතැනින් ඉවතට පැමිණි දැරියගේ මව හා පියා සගවාගෙන තිබු වස බෝතලයක් ගෙන දෙදෙනා පානය කර තිබෙන බව පොලිසිය කියයි.
වස පානය කළ දෙමාපිය දෙදෙනා රෝගීව සිටියදි පොලිසිය විසින් රෝහල් ගතකර තිබෙන අතර දැරිය අතවරයට ලක්කළ බවට සැකකරන වැලිමඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි. වැලිමඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.