පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සභිකයෙකු තේරී පත්ව සිට මෙවර වෙනත් පක්ෂ හා කණ්ඩායම් වලින් නාම යෝජනා භාරදුන් සියලුම දෙනා ඉවත්කිරීමට කටයුතු කර තිබෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
යුධමය තත්ත්වය හේතුවෙන් කැලෑවට ගිය ඉඩම් පසුව වනාන්තර ලෙස ගැසට් කර ඇති බවත් මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට ලක්ව ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More’’අපි දූෂණය මැඩ ලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධාය සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නයන් මේ පනතට එක් කරනවා. එය ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ කොන්දේසියක්’’
Read Moreමේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශට සහන දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගත වෙද්දී අද ලැබෙන ආදායමට වඩා සියයට 75කට වැඩි ආදායමක් ජනතාවට ලබන්න පුළුවන්.
Read Moreආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් අනතුරුදායක වැල් පාලමෙන් ශ්‍රී ලංකාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කිරීමට පැරිස් සමාජයේ සාමාජිකයන් සිය කැපවීම ප්‍රකාශ කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreනව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
Read More2023 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2,120 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව සිදුකර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හැකිවනු ඇති බවට ඇතැමුන් සිතා සිටින බවත්, කෙසේ වෙතත් රාජාසන කතාව නීතියක් නොවන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මක් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreමේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව දන්වා සිටිමු.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචිකරන බවත් ගහමරා ගන්නා බෙලිකපාගන්නා, වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා මෙම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූහ .
Read Moreවත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කොට සාධාරණ මට්ටමකට රැගෙන ආයුතු බවට තමන් විශ්වාස කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreමාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීම සඳහා යෝජනා වී ඇති බවත් එයට රජයෙන් රුපියල් කෝටි 10ක් දෙන බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreරාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමෙ අරමුණින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීම වෙනුවෙන් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තවදුරටත් බෙදීම් ඇතිව තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම නඩු කෘත්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් වූ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තමන් නොදන්නා බව සඳහන් කරමින් එම කොමිෂමේ සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය සඳහන් කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි
Read Moreපොළොන්නරුව තඹාල ප්‍රදේශය හරහා ගලා බසින කුඹුක්කන්ආර ඔයට වැටී දියණියක සහ පියෙකු ගසාගෙන ගොස් ඇති අතර පැය පහක මෙහෙයුමකින් අනතුරුව පියාගේ මෘත දේහය සොයා ගත් අතර දියෙහි ගිලී ගසාගෙන ගොස් ඇති එම දියණිය සොයමින් පවතී.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.
Read Moreතුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයින වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුර්කියේය.
Read Moreරටක බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයට මැදිහත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.
Read Moreසිදුවූ වැරදි ජනතාව විසින් පෙන්වා දී ඇති බවත් ඒවා අවබෝධකරගෙන ඇති බවත් නිවරදි කර ගැනිමට අවස්ථාවක් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසයි. හිරු ටී.වී. නාළිකාවේ සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreධිවර වරායක් ලෙස පරිවර්තනය කරන ලද ඔලුවිල් වරායේ ධිවර මෙහෙයුම් කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන අතර වරායට ගොඩබාන මත්ස්‍ය තොග අතුරින් අතිරික්ත මත්ස්‍ය තොග භාවිතා කරමින් ටින් මාලු කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට ටෙස් පෞද්ගලික සමාගම හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර අවස්ථා කිහිපයකදි සිදු කරන ලද සාකඡ්ඡාවලින් පසු අද (07දා) කර්මාන්තශාලාවක් ඉදිකිරිමට අදාල ගිවිසුම සදහා අත්සන් තැබිම ධිවර අමාත්‍යංශයේදි සිදු විය
Read Moreඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.
Read Moreසැක කටයුතු අන්දමින් සිරුරට ගිනි ඇවිලී දෙදරු පියෙකු අද (07) අළුයම මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.
Read Moreයම් යම් ගැටළු සහගත තත්ත්වයන් මධ්‍යයේ වුවත් මෙවර මහ කන්නයේ දී සාර්ථක වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සනාථ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreබදු අඩු කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණ උපදේශනය වැරදි උපදේශනයක් බවත් කෙටි කාලයකට බදු බර දරා ගැනීමට සිදුවෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන දර්ශකවල පාදක වර්ෂය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More