මහවැලි අධිකාරියේ සේවයේ නියුතු වැඩ බලන ඒකක කළමනාකාරවරයකු ඉඩමක් පැවරීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන්, පුද්ගලයකුගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී ඊයේ (20දා) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, නුවර පාර, තෝලංගමුව, වරකාපොල, ප්‍රදේශයේ පදිංචි මහවැලි අධිකාරියේ සේවයේ නියුතු ඒකක කළමනාකරුවෙකි.
ෙමහවැලි අධිකාරියට අයත් ඉඩමක් පැවරීම සඳහා ඊට අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සකසා දීම සඳහා සැකකාර වැඩ බලන ඒකක කළමනාකාරවරයා විසින් තම සේවාදායකයා වන පැමිණිලිකාර පුද්ගලයාගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාර කළමණාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය සඳහන් කළේය.
මෙම වැටලීම ඊයේ (20දා) මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකක කළමණාකරණ කාර්යාලයේ දී සිදුකර තිබුණි.ෙඅත්අඩංගුවට ගත් සැකකරු අද (21 දා) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.