එළඹෙන මස පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත දේශගුණ අනුහුරුවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නියෝජනය කිරීමට විෂය පථයට අදාළ නිලධාරීන් සිටියදී ප්‍රධාන විගණන නිලධාරියා සහ යාන්ත්‍රික ඉංජිනේරුවරයා නම් කර යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම තීරණය ඔවුන් විසින් ගෙන ඇති බව සඳහන්ය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දේශගුණ විපර්යාස පිළිබඳ අංශ ක්‍රියාත්මක වන අතර, අදාළ ජාත්‍යන්තර සමුළුව නියෝජනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජිතයන් යොමුකළ යුතුව ඇත.
කෙසේවුවද දේශගුණ විපර්යාස පිළිබඳ අංශ නිලධාරීන් සිටියදී ප්‍රධාන විගණන නිලධාරියා සහ යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ නම් ඇතුළත් කිරීමට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කර තිබේ.