කන්තලේ මුලස්ථාන පොලිස් වසමට අයත් කන්තලේ වැව් ඉස්මත්තේ බට හතර කොටසේදි පෙරේදා (20)අවස්ථා දෙකකදි සිදුවු වල් අලි පහරදීම් දෙකකින් පොලිස් ස්ථානාධිපතිවරයෙකු බරපතල තුවාල ලැබු අතර අනෙක් පහරදිමෙන් පුද්ගලයකු මියගිය බව පොලිසිය කියයි.
මුලින් සිදුවු පහරදිමෙන් දිය උල්පත පොලිස් මුරපලේ ස්ථානාධිපතිවරයා තුවල ලැබු අතර ඔහු කන්තලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමල මහා රෝහලට ඇතඇතුලත් කෙරිණි.මෙලෙස තුවාල ලැබුවේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩබ්.එම්.පී.ජි.දිසානායක නැමැති අයයි.
මෙම සිදුවිමෙන් පැය කිහිපයකට පසුව කන්තලේ වැවට මාළු ඇල්ලිමට ගිය අයෙකුට ඊට නුදුරු ස්ථානයකදි එල්ලවු වල් අලි ප්‍රහාරයකින් එම පුද්ගලයා මිය ගිය බව පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ කන්තලේ වැව්සිරි ගම පදිංචි ටි.එල්.විවිමලරත්න (67) නැමැති තිදරැ පියෙකි.මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරැර කන්තලේ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා තිබේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී