මහ කන්නයේ පොහොර වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වී ගොවි ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
මෙම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගැනීමට හැකියාව පවතියි.
මේ අතර බණ්ඩි පොහොර හා යූරියා පොහොර මේ වනවිටද අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව පවතින බවත්, එසේම පෞද්ගලික අංශය විසින් මඩ පොහොර සැපයීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මීට අමතරව යූරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9,000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මගින් ලබාදෙන අතර, එම මිලටම යූරියා පොහොර ගොවීන් වෙත ලබාදීමට පෞද්ගලික අංශය එකඟත්වය පළ කර ඇත.