ජලභීතිකාව හේතුවෙන් මෙම වසරේ මේ වනවිට 12දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් මරණ 08කට නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑම හේතු වී තිබේ.
කෙසේවුවද, මේ වනවිට මෙරට තුළ ජලභීතිකාව හේතුවෙන් වර්ෂයකට මිය යන සංඛ්‍යාව 25 දක්වා අඩු වී තිබුණද, දෛනික ආදායමට බලපෑමක් විය හැකි වීම හේතුවෙන් අඩු ආදායම්ලාභී සාමාන්‍ය ජනතාව සපා කෑම්වලින් පසු ප්‍රතිකාර ගැනීමට රෝහල් කරා නොයන බවත්, ඒ අනුව අදාළ මරණ සංඛ්‍යාව තවදුරටත් අවම කරගත නොහැකි වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශය පෙන්වා දෙයි.
අදාළ එන්නත් ලබා නොගතහොත් 100%ක් මාරාන්තික වන ජලභීතිකාව සියලු ක්ෂරපායී සතුන්ගෙන් වැලඳිය හැකි අතර, එහෙත් ගෙමීයන්ගෙන් වැලඳී නොමැති බවට පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව සපා කෑමට පසු හෝ ලෙව කෑවමකට පසු අදාළ ස්ථානය ගලා යන ජලයෙන් මිනිත්තු 05 පමණ සේදීම අත්‍යවශ්‍ය වන අතර, අනතුරුව මධ්‍යසාර හෝ අයඩීන් ද්‍රාවණයකින් සෝදාගැනීමද යෝග්‍ය වේ. ඉන් අනතුරුව රෝගියා රෝහල කරා රැගෙන යා යුතුය.
සෞඛ්‍ය අංශ පෙන්වාදෙන පරිදි මෙරට තුළ 250,000 – 300,000ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවන් වර්ෂයකට සතුන්ගේ සපා කෑමට ලක්වන අතර, ඉන් 100,000කට පමණ විශාල පිරිවැයක් දරා ප්‍රතිකාර ලබාදෙයි.
ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28වැනිදාට යෙදී තිබේ.
