ඇත්ගොව්වන්ට NVQ පුහුණුව ලබාදීමට කටයුතු කරන කාලසීමාවක පෙරේදා (20) රාත්‍රි පෙරහැරක රැගෙන යාමට සූදානම්වූ හස්තියකු භාරව සිටී ඇත් ගොව්වෙකු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් පෙරහැරෙන් ඉවත්කල පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තාවේ .
පානදුර ගොරකාන කතරගම දේවාල වාර්ෂික ඇසළ පෙරහැරේ ගමන් කිරීමට නියමිතව සිටී මතුගම ප්‍රදේශයෙන් රැගෙන ආ හස්තියකු භාරව සිටී ඇත්ගොව්වා සමග හස්තියා මෙසේ පෙරහැරෙන් ඉවත්කර තිබේ.
ඇත්ගොව්වා මත්පැන් පානය කර සිටී බවට සැලවූ සංවිධායකයින් ඔහුට පෙරහැරින් ඉවත්වන ලෙස දැනුම් දුන්නද, තමා මෙන්ම බීමත්ව සිටින කිහිප දෙනෙකු පෙරහැරේ ගමන් කරන බැවින් පෙරහැරින් ඉවත්වීමට නොහැකි බවයි.
එහෙත් හස්තීන් නිර්වින්දය කිරීම සදහා කැදවා සිටී වෛද්‍යවරුන් විසින් කල නිර්දේශ මත ඇත්ගොව්වා ඉවත් කිරිමට සංවිධායකයින් පියවර ගන්නා අයුරු දැකගත හැකිවිය.
පානදුර සුමිත් පොතුපිටිය