වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට
ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙලේදි වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත හිමි කරගත්තේය.
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම සහ පුද්ගලයන් සඳහා සම්මාන පිරිනැමෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාඩ් ඉම්පීරියල් හිදි පැවැත්විණි.
එම සම්මානය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උපසභාපති (අධ්‍යාපන) මහාචාර්ය ජයන්ත ඩී.එන්. දේවසිරි මහතා අතින් ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සහ දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ මහත්වරුන්ට පිරිනැමූ අවස්ථාව.
විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජනක රත්නකුමාර, ජ්‍යෙෂ්ඨ දැන්වීම් උපදේශක දර්ශන ද සිල්වා, (දැන්ම් සැකසුම්) තිවන්ක සිල්වා කළමනාකරු, බෙදාහැරීම් ප්‍රධානී රංජිත් රූපසිංහ, ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකාරු නිහාල් ගුණරත්න, වෙළෙඳ කළමනාකරුවන් වන සුරාජ් පතිරණ, ලසන්ත අබේවර්ධන සහ දැන්වීම් උපදේශක තිස්ස කුඩාතිහි යන මහත්වරු ද මෙහි සිටිති.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

