රන් ආලේපිත පිත්තල ස්වර්ණාභරණ නිසා උකස්කරුවන් දැඩි ගැටලුවක
රන් මිල ඉහළ යෑම හමුවේ රන් ආලේපිත පිත්තලෙන් සකස් කරන ලද ස්වර්ණාභාරණ ජාවාරම්කරුවන් පිරිසක් විසින් හැටන් ඇතුලු වතුකරයේ ස්වර්ණාභරණ උකසට ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසකට උකස් තබා මුදල් ලබා ගෙන ඇති බව ස්වර්ණාභරණ උකස්කරුවන් කියා සිටියි.
රන් මිල ඉහළ යෑම හමුවේ රන් භාණ්ඩ උකසට ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් පවුමකට රු.ලක්ෂ 2 සිට ලක්ෂ 3 දක්වා මුදලකට උකස් ගන්නා අතර, එසේ උකස් ගන්නා ස්ථානවලට විවිධ වර්ගයේ පිත්තලවලින් ස්වර්ණාභරණ නිර්මාණය කර එම ස්වර්ණාභරණ වලට වැඩි වශයෙන් රන් ආලේප කර උකස් තබන බවයි මෙම වංචාවට හසු වූ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
තමන් උකසට ගන්නා ස්වර්ණාභරණ යන්ත්‍රානුසාරයෙන් උරගා, පලපුරුද්දෙන්, බරෙන් සහ නිර්මාණයෙන් රත්රන් බවට තහවුරු කර ගැනිමෙන් පසු එම ස්වර්ණාභරණ උකසට ගන්නා බවත්, එසේ උකස්කරු විසින් ඒ සදහා උපරිම මුදලක් ලබා ගෙන ආපසු එම ස්වර්ණාභරණ බේරා ගැනිමට දිගු කාලයක් ගැනීම සහ උකස බේරා නොගැනීම සම්බන්ධයෙන් පියවර ගැනීමට එම ස්වර්ණාභාරණ පරික්ෂා කිරිමේදි එය රන් ආලේපිත ස්වරණාභරණ බවට කාලයක් සමග අනාවරණය වන බවයි එම වෙළදුන් කියා සිටින්නේ.
උකසට ගත් ඇතැම් ස්වර්ණාභාරණ වල පොතු ගැලවී යන බවත්, එසේ පොතු ගැලවීමට කාලයක් ගත වීමට එම ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන පුද්ගලයින් විසින් වැඩි වශයෙන් එම ව්‍යාජ ස්වර්ණාභරණ වලට රන් ආලේප කරන බවයි මෙම වංචාවට හසු වූ හැටන් ප්‍රදේශයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළදුන් කියා සිටියේ.
ස්වර්ණාභරණ උකසට තැබූ පුද්ගලයින් පිලිබදව ආයතනය වෙත ලබා දී තිබු තොරතුරුද ව්‍යාජ තොරතුරු බවට අනාවරණය වීම නිසා එම ස්වර්ණාභරණවල වටිනාකම තමන්ට පාඩු විදිමට සිදු වී ඇති බවයි වංචාවට හසු වූ හැටන් ප්‍රදේශයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළදුන් කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

