saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 3843 hours ago

LATEST

මැයිදිනය දා හැසිරීම හොඳයි

calendar_today 2023 මැයි 02 - 19:38 remove_red_eye - 342  

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලි හා මැයි දින රැලි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම ,නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යෑම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබඳව සියලුම දේශපාලන පක්ෂවලට හා සංවිධානවලට සිය ස්තුතිය පිරිනමන බව මහජන ආරක්ෂක අ

අපේ රටේ දේශපාලන පක්ෂ වැඩි බවත් තියෙන පක්ෂ නිසාම රට කර ගෙන යාමට නොහැකිවී ඇති බවත් ප්‍රතිතස්ත පනතේ යම් යම් සංශෝ‍ධන ක‍ළ යුතු බව තමාද පිලිගන්නා බව සංචාරක රාජ‍්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (2දා) හික්කඩුවේ සංචාරක වයාපාරය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුව පැවති මාධ‍්‍ය හමුවකදී කීවාය.

Read More

අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.

Read More

තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ වෙළඳසලකට පෙරේදා (1) මහා දවාලේ කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ව්‍යාපාරිකයා පැළඳ සිටි පවුම් 28 ක් බර රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ දෙකක පම‍ණ මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

Read More

පුරාවිද්‍යා භූමියක කැනීමක් සිදු කර ලබා ගත් පෞරාණික වටිනා කමකින් යුතු රන් කාසි බව පවසමින් සත්ව රූප සහිත රන් පැහැ කාසි තොගයක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට විකිණීමට යාමේදී චීවරධාරියෙකු, ශිෂ්‍ය භට බලකායට අනුයුක්ත සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඊයේ (1දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර කරයි.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.

Read More

මෙරටින් තුරන්ව පැවති ලාදුරු රෝගය යළි ව්‍යාප්ත වන තත්ත්වයක් පවතින බවත් මෙම වසරේ මුල් මාස තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 42 දෙනෙකු වාර්තාවී ඇති බැවින් ජනතා අවධානය යොමු වියයුතු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය මාර්ගයේ දි හමුවන මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් උසින් පිහිටි ලංකාවේ එකම තනිකෙලින් පිහිටි දිගම (අඩි 895) දුම්රිය බිංගෙය වූ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 20 දරන දුම්රිය බිංගෙය තුළ තිබූ දිරාපත් වී ගිය ලී සිල්පර කොටන් ඉවත් කර කොන්ක්‍රීට් සිල්පර දමා දුම්රිය මාර්ගය නවීකරණය කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊනියා අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මැදවච්චියේ හෙරෝයින් ජාවාරම් කරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටි තරුණයෙකු පසුගිය (28) වැනිදා අලුයම රෝහල් ඇද තුලම ගෙල හා පාදයක් කපා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ යැයි කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01) සවස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

Read More

ආයුර්වේද සංස්ථාවේ නව සභාපති වරයා ලෙස ආචාර්ය අනුර ඇතුලත්මුදලි මහතා (02) දා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ඉදිරියේ මහරගම නාවින්න ආයුර්වේද සංස්ථා පරිශ්‍රයේදි සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

Read More

ඌව පළාතේ ප්‍රථම ප්‍රධාන ලේකම්වරිය ලෙස දමයන්ති පරණගම මහත්මිය මේ මස (4) දා වැඩ බාරගැනීමට නියමිතය . දමයන්ති පරණගම මහත්මිය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

Read More

යාපනය, වඩමාරච්චි නැගෙනහිර, වල්ලිපුර අල්වා කෝවිල මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා මාර්ග බාධකයකදී පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් යටකර පළා යාමට උත්සහ කළ ටිපර් රථයක රෝදයකට වෙඩි තබා, ටිපර් රථ රියදුරු 30 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව පේදුරුතුඩව පොලිසිය පැවසීය.

Read More

ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව දැනට පුළුල් ලෙස කෙසෙල් වගාව සිදුවන බැවින් අපනයනය ඉළක්ක කර ගත් කෙසෙල් සැකසුම් කළාප දෙකක් එම ප්‍රදේශවල ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 50.3හි සිට 2023 අප්‍රේල් මාසයේ දී සියයට 35.3 දක්වා පහළ යෑමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යාපනය කයිටිස් මාර්ගයේ අල්ලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී අද (01) සවස යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබූ දේපළ සොරකම් කිරීම සඳහා එම ගබඩාවට ඇතුළුවීමට උත්සාහ කළ පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පුද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පහරදී ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කිරීමේදි ආරක්ෂක අංශ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 05ක් හා කාන්තාවන් 4ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

Read More

ඉන්දියානු ඊ-වීසා අයදුම්කරුවන්ට අවධානයෙන් සිටින ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දන්වයි.

Read More

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍රි මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා අද (01දා) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මගේ නායකයා කියාගෙන ඉන්න සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම්. වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න, ඇවිත් මගේ ජනතාව ‍ඉස්සරහ සමාව ඉල්ලන්න. එහෙම නැවත අපි අපේ ගමන යමු .

Read More

පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

ඉන්ධන මිල අඩුවූ ආකාරයට ඉදිරියේදී ගෑස් මිලද අඩුවන බවත් බිංදුවට වැටී තිබූ මෙරට විදෙස් සංචිත මේ වන විට ඩොලර් බිලියන 1.3ක් දක්වා වැඩි වී ඇති බවත් ජනපති කාර්යා මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කියයි. ඒක්සත් ජාතික පක්ෂ මැයි දින උළෙල අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩුකිරිමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

Read More

තම බරිඳට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබාදී ඝාතනය කිරිමට තැත්කළ වෛද්‍ය වෘත්තියේ යෙදෙන සැමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) සිට දිවයිනෙන් බැහැරට යන බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉන්ධන මිල අඩුවීමේ සහනය පාරිභෝගික භාණ්ඩ හරහා ජනතාවට ලැබී නැති බවත් ඉදිරියේදී මේ වෙනුවෙන් සිය සංගමය දැඩි සටනක් ගෙන යාමට කම්කරු දිනයේදී සිට පියවර ගන්නා බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති හා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (1) පිටිගල තල්ගස්වලදී කීවේය.

Read More

ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුදු ඩීසල් හා භූමිතෙල් හරහා අලාභ ලබන තත්ත්වයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.