පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව මාලදිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දත්ත සටහනක් ඉදිරිපත් කරමින් පවසයි.
දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 210 352ක් පැමිණ ඇති අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 129ක වර්ධනයකි.
මාලදිවයිනට දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 194 690ක් පැමිණ ඇති අතර එය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 6ක වර්ධනයකි.
කෙසේ වෙතත් වසර පුරාම පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී මාලදිවයින ඉදිරියෙන් පසුවෙයි එරටට සංචාරකයන් මිලියන 1.87ක් පැමිණ ඇති අතර ලංකාවේ එම අගය මිලියන 1.48කි.
දෙරටටම වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සමස්ත සංචාරක පැමිණීම්වලින් පිළිවෙලින් සියයට 21 හා 11ක් වෙයි.
