saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 3836 hours ago

LATEST

ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

calendar_today 2023 මැයි 04 - 11:28 remove_red_eye - 274  

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය කොරල්කෝව් මුහුදු ප්‍රදේශයේ 2023 මැයි මස 02 වන දින උදෑසන සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් ධීවර දැල් භාවිතයෙන් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා පහක් (05) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයු

ලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරීයා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

Read More

වරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් කොළඹ - නුවර මාර්ගය හරහා පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතාඊයේ (03දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

Read More

ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සින්හාරගේ ගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු ගේ අපරාධ සම්බන්ධයෙන් වූ අපරාධ වාර්තා අද (3දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා 05/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

වැලිගම, පැලෑන ප්‍ර දේශයේදී අතුරු මාර්ගයකින් ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු, පසුපස ගමන් කළ මවක් හා පාසල් ගොස් නැවත නිවස බලා යමින් සිටි ඇගේ පිරිමි දරුවන් තිදෙනෙකු හා තවත් පිරිමි පුද්ලයෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක් බව කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

Read More

මෙවර යල කන්නයේ දී මෙරට වී වගා කිරීමට අපේක්ෂිත ඉළක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අනුමැතිය හීමවී ඇත.

Read More

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරීත්වය යටතේ කළමණාකරණය කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වුවද ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පස්වරුවේ පැවසීය.

Read More

ගෑස් හා තෙල් අඩුවූයේ රුපියල ශත්කිමත් වීම හා ලෝක වෙළඳපලේ මිල අඩුවීම නිසා ගෑස් හා තෙල්මිල අඩුවූයේ රුපිලය ශක්තිමත් වීම හා ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවීම නිසා බවත් යම් හෙයකින් ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩි වුවහොත් හා රුපියල පිරිහීමට ලක්වුවහොත් නැවතත් තෙල් මිල වැඩි විය හැකි බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

Read More

මෙම වර්ෂයේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් සහිතව සේවයේ වාර්තා කිරීමට ඉඩකඩ සලසා දිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ දැනට පවතින 2003 අංක 9 දරණ පාරි‌භෝගික කටයුතු පිළිබඳ පනත සංශෝදනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

Read More

මේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය.

Read More

විශාල අර්බුදයක් වළක්වා ගැනීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කර ඇති දිරිගන්වනසුලු කාර්යය ගැන ප්‍රසාදය පළකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා පැවැසීය.

Read More

කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් 2007 අංක 7 දරන සමාගම් ආඥා පනත යටතේ ස්ථාපිත සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලි‍යක් සහ පනත් කෙටුම්පතක් සකස් කර තිබෙන බවද ඊයේ (02දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේසභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

Read More

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමේදී අදාළ සංවිධායකවරුන්විසින්තම බල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ යවෛද්‍ය නිලධාරී කාර්යාලවල ලියාපදිංචිය ලබාගතයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

පාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී විනයක් සහිතව එය පවත්වාගෙන යෑමට විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා ආදිශිෂ්‍ය සංගම් එකබද්ධ වී පොලීසිය සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් මෙම සතිය තුළ පත් කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පුවත්පතට පැවසීය.

Read More

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සඳහා පසුගිය මාස හතර තුළ රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන මහතා පැවසීය.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 06ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ දක්වා ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සං‍ඛ්‍යාව 672183ක් බවට පත්ව තිබේ. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් මර‍ණයක්ද වාර්තා වී තිබේ.

Read More

ලිට්‍රෝ කිලෝ ග්‍ර‍ැම් 12.5 ග‍ෘහස්ත ග‍ැස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පම‍‍ණ හෙට ම‍ධ‍්‍යම රාත්‍රියේ සිට ප‍හ‍‍ළ දමන බව ලිට්‍රෝ ස‍භාපති මුදිත ප‍ිරිස් මහතා අද කො‍ළ‍ඹද‍ි පැවැති මාධ්‍ය හමුවකද‍ි ‍පැවැස‍ිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.