ගෝනපොල කෝරලඉම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යාලයේ තිබු උපත් පාලන කොපු තොගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
එම කාර්යාලයේ ඉදිරිපස දොරෙන් ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය සැක කරයි.
මත්පැන් හල ආසන්නයේ ම තිබෙන මෙම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ දොර එතරම් සවි ශක්තියක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මත්පැන් බීමට පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසක් දොරට හේතුවී සිටීමේදී දොර කැඩී ඇති අතර එයින් අනතුරුව මේවා සොරා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.