වැඩිකළ විදුලි ගාස්තුවෙන් සියයට 50ක් අඩුකරයි
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී 18% කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50% කින් පමණ අඩු කිරීම කඩිනමින් සිදු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (4දා) පැවසීය.
විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගිතා කොමිසමට යොමු කරන බවත් ඒ මහතා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තාවල අන්තර් ගිණුම් වාර්තා මේ වන වි සකස් කරමින් සිටින බවත්, එම වාර්තා සකස් කළ වහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් ඒ මහතා පැවසුවේය.
පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන්ම මහජනතාවට ලැබිය යුතු යන තීරණය ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති බවත් ඒ මහතා කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

