දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 72 කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී ලොරියක් සහ සුඛෝභෝගී වෑන් රථයක් ඊයේ (3) රාත්‍රී එකිනෙක ගැටීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කුරුඳුගහ හැතැක්ම රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරේෂා මධු 31 හා සීතා සොයිසා 51 යන අයවලුන්ය.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක්, අවුරුදු දහතුනක පිරිමි ළමයෙක්, වෑන් රථ රියදුරු සහ තවත් පුද්ගලයෙක් වන බව පොලිසිය කියයි
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සියලුම දෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය 51 හැවිරිදි කාන්තාව බයිපාස් සැත්කමකට භාජනය කර තිබී ඇති අතර ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ වෛද්‍යවරයකු හමුවට ගොස් යළි නිවස බලා පැමිණීමේදී මාතර දෙසට සිල්ලර බඩු පටවාගෙන යමින් සිටි ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුර සිදුවූ වහාම එම ස්ථානයට ළඟා වූ
ජීවිත ගලවා ගැනීමේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම වෑන් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත
ඒ වන විටත් 51 හැවිරිදි කාන්තාව මියගොස් සිට ඇති බව පොලිසිය කියයි
සෙසු තුවාලකරුවන් ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත
වෑන් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය දාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් වෑන් රථයට බරපතල බරපතළ අලාභ සිදුවී ඇත
ලක්ෂණ අධිවේගී කුරුඳුගහ හැතැක්ම රථ වාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත , පොලිස් පරීක්ෂක චාමින්ද මහත්වරුන් පරීක්ෂණ පවත්වයි