සිය අනුබද්ධිත ඇඟළුම් කර්මාන්තශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් (පුද්) සමාගම වසා දැමීමට හේතු වූයේ මූලික වශයෙන් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය මත ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම බව හයිඩ්‍රාමනී ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2023 වසරේ මේ වසරේ මේ දක්වා (මැයි 19 වන දින දක්වා) කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreහම්බන්තොට සුචි ගම්මානයේ ඊයේ (21දා) රාත්‍රී 09ට පමණ සිදුවූ වේඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව හම්බන්තොට මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් චීනයේ සයිනොපෙක් සමාගම සමග අද (22) ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreසිය වයස්ගත රෝගී මවගේ උදව්වට මවත් සමග නිවසට පැමිණ සිටි විසිහය හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති තරුණියකට අතවර කළා යයි කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21දා) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. කොස්ගොඩ මහ ඉදුරුව ප්‍රදේශයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේදී මේ තරුණියට ඔහු අතවර කළේ යයි කියමින් පොලීසියට පැමිණිලි කර තිබුණේ මැයි මස 20 වැනිදා පස්වරුවේදීය.
Read Moreපසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.
Read Moreඅරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි පවසන පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එම අරගල ක්‍රියාකාරිකයා, මෙන්ම සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි .
Read More’’මට තටු නැතුව ඉගිල්ලෙන්න කියනවා නමුත් මම 2030 දි සුර්ය්‍ය විදුලියෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන සේවයක් ආරම්භ කරනවා’’ යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සිටි පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මුන්දලම පුලිච්චන්කුලම වැවේ දිය නාමින් සිටියදි මෙම සිසුවිය ඊයේ (17දා) ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය උඩප්පුව පදිංචි අවුරුදු 17ක සිසුවියකි. මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව්දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනියක් සමග වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.
Read Moreරජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ (21දා ) පැවසූහ.
Read Moreයල කන්නයේ වී වගා කරන ගොවීන් හයලක්ෂ පනස් දහසකට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද (22) ඇරැඹීමට තීරණය කරයි.
Read Moreතම ප්‍රකාශය හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයන්ට හානියක් සිදුවූයේ නම් එයට සමාව ඉල්ලා සිටින බවත් තමන් අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.
Read Moreයුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීමට අවශ්‍ය සියලු රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර GSP+ සහන නව වටය ප්‍රකාශයට පත් කරන විට ශ්‍රී ලංකාවට එම සහනය නැවත ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරයි.
Read Moreමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreදිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත.
Read Moreමහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
Read Moreජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreපානදුර මුහුදු වෙරළේ මත් ගතියෙන් සිටි බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු ඇතුළු තරුණ තරුණියන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.
Read Moreඅදාළ රාජ්‍ය අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.
Read Moreරට තුළ ජාතිවාදී හා ආගම් ආගම්වාදී අර්බුද ඉස්මතු වීමේ ස්වරූපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්හටගන්නා සිද්ධීන් වලින් පෙනෙන්නට තිබෙන බැවින්එවැනි කටයුතු මැඬලීම සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙසජනාධිපතිවරයාට දන්වමින්විශේෂ සංදේශයක්ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රීඤානරතන නායක හිමියන් විසින්ජනාධිපතිවරයාට භාර දී තිබේ .
Read Moreබංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅම්බලන්‌ෙතාට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කරති.
Read Moreජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමම දේශපලනඥයෙක්. මම ගාවට හැම ජාතියෙම මිනිස්සු එනවා. මම ලියුම් ගැහුව්ව පලියට වැඩ කරන්න එපා. මම කියන දේ හරි නැත්නම් ඒ වැඩේ කරන්න එපා. හැබැයි මාව දැනුවත් කරන්න.
Read Moreඅත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreකුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ පිදුරුවැල්ල නගරයට ආසන්නව තිබෙන බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක් ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.
Read Moreලබන වසරේ මාර්තු පමණ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිනිස දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බවත් රට ගොඩනැගීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
Read Moreඋතුරු, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී ඔහු එම තනතුරට පත්ව තිබේ.
Read Moreබුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read More