පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපල තුලදී 26 වෙනිදා අලුයම 2.10 ට පමණ වන අලියෙකු පහරදීමෙන් එම කඳවුරේ ලාන්ස් කෝප්රල්වරයෙකු මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ 34 වියෑති පී.ඒ.ලලිත් යන විවාහක දෙදරු පියකු වන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීිසිය සඳහන් කරයි.ඔහු ආනමඩුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
රාජකාරිය අතරතුර මෙම වන අලි ප්රහාරය එල්ල වී ඇත අඹ ගස් පිහිටි ප්රදේශයට වන අලියා වැටෙන් ඇතුළු වී ඇති බවද පොලිසිය පවසයි.
මියගිය සෙබලාගෙ සිරුර වැලිකන්ද රෝහලේ තැන්පත් කර තිබෙන අතර මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය 26 වෙනිදා දහවල් සිදුකිරීමට නියමිත බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගේ මැදිහත් වීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.