ශ්‍රී ලංකාවේ මාසයක අදායම රුපියල් බිලියන 215ක් බවත් මාසික වියදම රුපියල් බිලියන 383ක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව මාසයක රටට ඇති හිඟය රුපියල් බිලියන 168ක් බවද ඔහු පැවැසීය.
මෙවැනි තත්ත්වයක් තිබියදී මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000ක දිමනාවක් ලබාදීමටද කටයුතු කර ඇති බව ඔහු ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
"සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව අපි ඉදිරියට යන්නේ සමාජ වෙළදපොල ආර්ථිකයක් ලෙසයි. ඒ අනුව මෙවර අය වැය මඟින් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 183ක් වෙන් කර තිබෙනවා. එය වෙනත් වසරවල දී වෙන් කළ මුදලට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක්. මෙමඟින් පවුල් ලක්ෂ විස්සකට ප්රතිලාභ හිමිවනවා.
සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 93ක් වැය වනවා. අස්වැසුම, විශ්‍රාම වැටුප් සඳහා මසකට බිලියන 30ක් වැය වනවා. ණය පොලී වෙනුවෙන් බිලියන 220ක් වැය වනවා. මේ ඇතුළු ප්‍රධාන වියදම් කිහිපයකට පමණක් මාසයකට බිලියන 383ක් වැය කිරීමට සිදුව තිබෙනවා.
නමුත් මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. එය බිලියන 168ක හිගයක්. මේ වගේ තත්ත්වයක් යටතේ ආර්ථිකය කළමනාකරණය කිරීම සැබැවින්ම අභියෝගාත්මකයි.. එවැනි පසුබිමක් යටතේ රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ද අප කටයුතු කළා.