ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර යාපනයයේ ගොවීන්ට බෙදා දීමට ගෙන්වනලද බවට පැවසෙන බීජ අර්තාපල් අල ටොන් 20.75 ක ප්‍රමාණයක් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නරක්වීම හේතුවෙන් ඒම බීජ අරතාපල් සියල්ල වලදමා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
මහජනතාව නොමැති ස්ථානයක් වශයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ රක්ෂිතයක බීජ අර්තාපල් තොගය වලදමා විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අනුව යාපනය කුප්පිලාන් ප්‍රදෙශයේ ගබඩාවක අසුරා තිබූ බීජ අල තොගය ඉතා ආරක්ෂාකාරීව පොලිතීන් උරවලට දමා ආරක්ෂිතව කිලිනොච්චියට ප්‍රවාහනය කොට මහජනතාව නොගැසෙන , භූගත ජලය නොමැති, ආසන්නයක කෘෂිකාර්මික ප්‍රදේශයන් නොමැති රක්ෂිත භූමියක අද (03) දින වල දැමීමට පියවර ගෙන ඇත.
මෙම බීජ අර්තාපල් තොගයට බැක්ටීරියා ආසාදනයක් වී නරක් වීම පිළිබඳව පසුගියදා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරනය වූවේ නිසි ක්‍රමවේදයකින් තොරව මෙන්ම කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් යාපනයට ප්‍රවාහනය කොට ඇති බවටයි.
ඒහිදී උතුරු පලාත් ආණ්ඩුකර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය විසින් දැනුම් දෙනු ලැබුවේ මෙම බීජ අර්තපල ගෙන්වීම පිටුපස විවිධ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බැවින් වහාම විධිමත් පරික්ෂණයක් සිදුකොට ඒහි වාර්ථාව තමන්ට ලැබීමට පියවර ගන්නා ලෙසටය.


