වර්ෂාව අඩු විමත් සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද අලුයම වසා දමන ලදි.
ජලාශය උපරිම ජල මට්ටම ආසන්නයේ පවතීන බවත් ජලාශය වෙත පෙර දින වලට සාපේක්ෂව ඉතා අඩු ප්රමාණයකින් වැඩි ජලය පැමිණෙන බවද ජලාශය උපරිම ජල මට්ටමේ පවත්වාගත යුතුව ඇති බැවින් සවස් කාලයේ පැය කිහිපයකට වාන් දොරටුවක් විවෘත කර කුඩා සීග්රතාවයකින් වැඩි ජලය මුදා හැරීමට සිදු විය හැකිි බව මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරු බණ්ඩාර මහතා සදහන් කළේය .
මෙමගින් අඹන් ගගේ ජල මට්ටමට වැඩි බලපෑමක් සිදු නොවෙන බවත් වැසි තත්වය වර්ධනය වුවහොත් නැවත වාන් දොරටු විවෘත කිරීමට හැකි බවද මොරගහකන්ද ජලාශ කාර්ය භාර ඉංජිනේරු බණ්ඩාර මහතා කියයි .
බකමූණ සරත් නිශ්ශංක