පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරෙන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවය තම ගුවන් සේවා තුළ පවතින අධික ගුවන් නියමුවන්ගේ හිගයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට තමන්ගේ අවසරය පතා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා පැවසීය.
Read Moreඋතුරු නැගෙනහිර පළාත් වලින් සහ දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් කතරගම පෙරහරට පා ගමනින් හින්දු බැතිමතුන් සමග වෙනත් ආගම් අදහන්නන් 27209ක් කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් 27දා සවස 03.00ට එය වසා දමනවිට ඇතුලුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. එය 2022 වසරට වඩා 1629ක අඩුවීමකි.
Read Moreසබරගමුවේ කසළ කළමනාකරණයට ජපානයේ සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සඳහන් කළේය.
Read More2014-2015 කාලයේ ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අණාවරණය විය.
Read Moreපසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
Read Moreඑළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.
Read Moreවිවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read More’’අපිට හැමදාම හිඟන ජාතියක් වෙන්න බෑ, අපිට හැමදාම බංකොලොත් ජාතියක් වෙන්න බෑ. අපිටත් නම්බුවක් තියෙනවා. අපි ඒකත් හදාගෙන ඉදිරියට යන්න ඕන’’
Read Moreනාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍ර දේශයේදී නිවසක කාමරයක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය කියයි.
Read Moreආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධි විධාන හඳුන්වාදීමට අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SL-UDI) ක්‍රියාත්මක වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු, ජෛවමිතික ලක්ෂණ (ඇඟිලි සලකුණු ලබා ගැනීම, මුහුණ, ඇස, කළු ඉංගිරියාව ඡායාරූපගත කිරීම) ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක්, මධ්‍ය පද්ධතියක් ලෙස ස්ථාපිත කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
Read Moreසුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.
Read Moreසමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.
Read Moreමාසයක් ඇතුළත වෙඩි තැබීම් තුනක් සිදුවූ අම්බලන්ගොඩ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනු දක්නට ලැබේ.
Read Moreකොත්මලේ බ්ලුම් ෆිල්ඩ් පෞද්ගලික වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දින තුනක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරිම හේතුවෙන් ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට බාධා පැමිණ ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.
Read Moreඅපේ ජන බලවේගය පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඝාතනය කිරීමේ කුමන්තරණයක් පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව අම්බලන්ගොඩ පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඑම ව්‍යාපෘතිය මගින් රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 20%ක් (සීනි මෙට්‍රික් ටොන් 120000)නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.මෙම ව්‍යාපෘතියට අදාළ කර්මාන්තශාලා පරිශ්‍රය හා ඒ ආශ්‍රිත පහසුකම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලදු කැලෑවකින් වැසී ඇති වව්නියාව උතුර ප්‍රා දේශීය ලෙක්ම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200ක ඉඩම් කොටසක් හඳුනාගෙන ලැබ තිබේ.
Read Moreවිහාරස්ථානයක සවිකර ඇති පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුළුණට 4G තාක්ෂණය සවි කිරීමට තමන් දුරකථන සමාගමෙන් පැමිණි බවට විහාරාධිපති හිමියන් දැනුවත් කර, එම කුලුනට සවිකර තිබූ තුන් ලක්ෂ පනස් දහසක් වටිනවා වායුසමීකරණ යන්ත්‍ර දෙකක් , අකුණු සන්නායක තඹ කම්බියක් සොරකම් කර ලොරි රථයකින් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ( 26දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට අයවැය ආධාර වැඩසටහනක් යටතේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට නියමිතය.
Read Moreතානාපති චී ෂෙන්හොං මහතා දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව පැවසූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය. බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ගොස් අධ්‍යාපන අවශ්‍යතා ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත.
Read Moreදිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.
Read Moreඑක්දින ක්‍රිකට් පිටියේ විශේෂිතම ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ලැබී තිබේ. ඒ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව අද දිනයේදී ලැබී ඇති හෙයිනි.
Read Moreසබරගමුව පලාත් සභාවට අයත් දෙපාර්තමේන්තු සහ ආයතන විගනනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට සබරගමු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ආරම්භ කර තිබේ.
Read Moreක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ඇතුළත් කර ඇත.
Read Moreහඟුරක්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමෙන් තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය යාමේ සිද්ධියකට අධාලව සිදුකරන ලද පරීක්ෂණයකදි එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 08 දෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී ඊයේ (26) වන දින කාන්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කිරීමේදි එම විරෝ
Read Moreකැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශ්න කාර්යාංශය කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreඉතාලියේ නාපොලි නගරයේ සිදු වු රිය අනතුරකින් 42 හැවිරිදි ලාංකිකයෙක් මියගොස් තිබේ. පසුගිය 25 දා අලුයම 5 ට පමණ ශ්‍රි ලාංකිකයන් තිදෙනෙක් ගමන් ගත් එම මෝටර් රථය නාපොලි via capo di monte මාර්ගයේදි අධික වේගයත් සමග එහි රියදුරාට රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබු කණුවක ගැටි මෙම අනතුර සිදුව ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
Read More