ළමා රෝහලට රු. බිලියනක පරිත්‍යාගයක් දුන් නහීල් මහතාගේ කොන්දේසිවලට එකඟවෙයි
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සම්පුර්ණ කිරීම සදහා ඉංජිනේරුවරයෙකු වන නහිල් විඡේසුරිය මහතා රුපියල් බිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පියවර ගෙන ඇත.
ඉහත මුදල ලබාදීමට අදාලව ඉංජිනේරු නහිල් විඡේසුරිය මහතා ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟත්වය පළ කරමින් ඊට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉංජිනේරු නහිල් විඡේසුරිය මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ අරමුදලින් වලින් රුපියල් බිලියනක මුදලක් ද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සදහා යෙදවීමට බලාපොරොත්තු වේ.
මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවෙක් ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කටයුතු කරන අතර, මෙම මූල්‍ය ප්‍රදානයත් සමග ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අවසන් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ.
දිවයිනේ සියළුම ප්‍රදේශවලින් ළමුන් විශේෂ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සදහා රිඡ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරනු ලබන අතර, ඉදිකිරිම් කටයුතු කඩිනමින් අවසන් කිරිම තුලින් ළමුන්ට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමට ද හැකි වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු සාලින්ද බණ්ඩාර, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය දුමින්ද සමරසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

