පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අද (10) දහවල් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
මේ අනුව අඩි දෙකකින් දොරටු දහයම විවෘත කරනු ලැබීය.ඉන් තත්පරයට ගණනාඩි 2500ක් ජලය පිටවන අතර එය අබන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරේ.
මේ අනුව පොළොන්නරුව මනම්පිටිය ගල් ලෑල්ල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් සෝමාවතී ප්‍රදේශයේද ජල මට්ටමේ ඉහළ එයා හැකි බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් පසු විය යුතු බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
