ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ(24)රෑ සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අවිස්සාවේල්ල නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.
Read Moreමෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.
Read Moreහඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාර්යාල සහායකයෙකු පත්කොට වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම් කර ඇතැයි හෙළිවිය.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreමහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreබටපොළ බරදූව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී ඊයේ (23) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයෙකුට එල්ල කරන ලද කඩු පහරින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද (24දා) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.
Read Moreපෙරිය කාතන්කුඩියේ රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.
Read Moreඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා වංචා කළ , බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් 06/23 දින කොළඹ මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවකු මියගොස් ඇත.
Read Moreඌරගස්මන්හංදිය කලුවලගොඩ ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී පොලීසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඅහුලාගත් හැඳුනුම්පතක් ඉදිරිපත්කොට සිම් පතක් මිළදී ගෙන ඒ හරහා හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ දී ඉකුත් 21 දා රාත්‍රි සිදු වූ ඝාතනය සැළසුම් කොට ඇතැයි විමර්ශන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය පවසයි .
Read Moreඅලුත්ගම ඓතිහාසික කන්ද විහාරයේ භාරකාරත්වයටපත් මුතු රාජා පාදයේ ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට පෙර කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරුන් එම හස්තියාගේ සුවදුක් විමසා පලතුරු ඇතුළු ආහාර වර්ග වලින් සංග්‍රහකිරිම සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සිදු කළහ.
Read Moreරජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම ඉතා වැදගත් බවත්, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreදින තුනක් පුරා අඛණ්ඩව පැවැති කොට්ටාව බොරැල්ල (174) හා කොට්ටාව , ගල්කිස්ස (255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
Read Moreමෙම මස 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreනවය වසරේ සිසුවෙකුට කන පැලෙන්න පහරදුන්නේ යයි කියන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ කීඩාභාර ආචාර්යවරයෙකු ඊයේ (22) රෑ වතුගෙදර දෙල්ගහහන්දිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවා තිබේ .
Read Moreවෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය කියයි. බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
Read Moreබස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් මැඩලීම සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝග කරනු ලැබීය. ඇත. අමාත්‍යවරයා එම නියෝගයක් ලබාදී ඇත්තේ, පොලිස් ප්‍රධානින් සමග ඊයේ (21දා) සිදුකල සාකච්ජාවකදීය.
Read Moreඅත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැ.බ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර් දේශය සහ කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාරය මණ්ඩලය සඳහා දිරි දිමනා ,ප්‍රසාද දිමනා ගෙවල් කුලි දිමනා සහ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅට ලක්ෂ විසිපන් දහස් අටසිය තිහක් (141825830)ගෙවා ඇති බව ජාතික විගණන දෙපාරතමේන්තුවේ නිලධාරියෙකු සමග කරන ලද මාධ්‍ය සාකචඡාවකදි අනාවරණය විය.
Read Moreඅණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොද්දල පොලිසියේ නිලධාරීන් විසින් අද (22දා) වෙඩි තබා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු දෙකහමාරක දරුවා මිය යාමට එම දරුවාට ලබාදුන් නිර්වින්දන එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.
Read More’’අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා. හැමදාම රටින් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන 140ක්ද කොහෙද වියදම් කරලා. එයා අරහේ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලාගෙන හිටියාට සංචාරකයෝ එන්නේ නෑ. යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නෑ’’
Read Moreපොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න බොන්දුපිටිය නිවසට ගිනි අවි රැගෙන කඩාවැදී දේපළ කොල්ලකෑ කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
Read More