රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර
මහත් ආන්දෝලනයට තුඩු දුන් කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
Read Moreප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
Read Moreඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.
Read Moreරටේ ආර්ථික බංකොලොත්භාවට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.
Read Moreවිල්පත්තුව මොරන්දන්වේලි ප්‍රදේශයෙදී හිස කලු දෑකැති මානා පක්ෂීන් මරා මස් පිණිස රැගෙන යමින් සිටි පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාල නිළධාරින් පවසයි.
Read Moreසමූපකාර තොල වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමුලතිව් පොලිස්වසමේ අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක සඟවා තිබූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඊයේ (10) සවස සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
Read Moreකුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු , අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
Read Moreවිනය විරෝධි ක්‍රියාවල යෙදෙන භික්ෂුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතුබව අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස හිමි සඳහන් කරයි.
Read Moreපොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කරයි.
Read Moreතත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් දෑස් අන්දවූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් විසින් වෘත්තිය සමිති හා බහුජන සංවිධාන සමගින් එක්ව සෞඛ්‍ය ලේඛම්වරයා වෙත තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පලමු වරට අන්තර්ජාලයට ඇතුලත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරිණි.
Read Moreශ්‍රිලාංකික පවුලක සතුටු දායක දවසක් විනෝදයෙන් පිරුණු දවසක් කදුලක් වේදනාවක් බවට පත්වු පුවතක් ඊයේ 09 ඉතාලියේ පියචෙන්සා ප්‍රදේශයෙන් වාර්තා විය’
Read Moreඋතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත.
Read Moreමෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට, රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් පළ කරමින් මිහින්තලේ අවට ජනතාව ඊයේ 10 දා උදෑසන ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read More’’අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම නීති විරෝධියි කියලා අභියාචණාධිකරණය ශුන්‍ය බල රහිත කර තිබෙනවා. එම නිසා ලබන 14 දින පවත්වන මධ්‍යම කාරක සභාවටත්,15 දින පවත්වන විධායක සභාවටත් අපි යනවා නැවත අපි පක්ෂයේ හිටපු තනතුරු වලට ඇවිත් පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන යන්න කටයුතු කරනවා’’ යැයි වරාය හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය,
Read Moreමෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
Read Moreවන්දනා නඩයක් රැගත් බස්රථයක් අද (10 දා) අලුයම 3.20 ට පමණ අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.
Read Moreතායිලන්තයේ ’’ සියම් උපාලි ’’ තෙරුන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ උපෝසතාගාරය වෙත පැමිණ ශ්‍රී ලංකාවේ උපසම්පදාව ආරම්භ කර වසර 270 ක් සපිරීම සිහිපත් කරමින් තායිලන්තයේ සිට බෞද්ධ දූත පිරිසක් ඊයේ (09දා) දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreකපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරගෙන, ජනාධිපතිතුමා රට ගොඩ ගැනීම සදහා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය. කැළණිය ටයටර් හංදියේදී අපේ කම- අපේ රට - ඔබේ වගකීම මැයෙන් ජනතා හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
Read Moreමෙරට එළු පාලනය විදිමත් කිරීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් වසර පහක් තුළ එළුවන් 70,000ක් බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන අංශය සඳහා මෙම කටයුතු වෙනුවෙන් රජය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇත.
Read Moreතායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් , ඍජු ගුවන් ගමන් සේවාවක් 07/09 දින රාත්‍රී සිට ආරම්භ විය. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්.- 140 දරන මංගල ගුවන් යානය 07/09 දින රාත්‍රී 10.10 ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ කොකුවිල් හංදිය අසළදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් එම ත්‍රි රෝද රථයේ ගමන් කළ අවුරුදු එකයි මාස 2ක් වන බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreපොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය ඔයට බසයක් පෙරලීයාමෙන් 10 දෙනෙකු මියගිය බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කරයි.
Read Moreපාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read More’’ඔයාට සුභම සුභ උපන්දිනයක් ’’ යැයි ජංගම දුරකථනයකට පැමිණ තිබූ කෙටි පණිවිඩයක ට ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව විවාහ කරගැනීමට සිටි විවාහක පෙම්වතියට සහ ඇයගේ පියාට උල් පිහියකින් ඇනීමෙන් පියා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
Read Moreනව පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි තත්වයකට අද වන විට පොලිසියේ විනය පිරිහී ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා නිලධාරීන්ට විවිධ විනය චෝදනා එල්ල වී ඇති බවත් එලෙසින්ම අංක අටේ සිට පහලටද එවැනි තත්ත්වයක් දක්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
Read More