අපුර වර්තමානයේ ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයට
- 23 01 2024
- 16:10
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර චතුරංග
අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 105ක, පියකු ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත් වූවාය.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ වෘත්තියෙන් පෙදරේරු ශිල්පියෙකු ලෙස කටයුතු කල අනුරාධපුර විජයපුර, ගැමුණු මාවතේ පදිංචිව සිටි ආර්.ඒ. චන්ද්‍රසේන මහතාය.
පුතුන් තිදෙනෙකුගේ සහ එක් දියණියකගේ පියෙකු වන ඒ මහතාට මුණුපුරු මිණිපිරියන් සහ දෙමුමුණුපුරන් රැසකි.
1919 . 2. 19 ගාල්ල ප්‍රදේශයේ උපත ලබා 1945 වර්ෂයේදී අනුරාධපුර ප්‍රදේශයේ පදිංචියට පැමිණි ඒ මහතා පෙදරේරුවෙකු ලෙස ලෙස කටයුතු කර තිබේ.
වාර්තාවන අන්දමට අනුරාධපුර ප්‍රදේශයේ වර්තමානයේ ජීවතුන් අතර සිටි වයස්ගතම පුද්ගලයා මොහු බව ඥාතීහු පැවසූහ.
ෙදේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද (23දා) සවස 6ට අනුරාධපුර නිසල නිම්නය සුසාන භූමියේදී අදාහන කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
