දින 12ක විදේශ සංචාරය නිමවා ජනපති එයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දින 12 ක කාළයක් තුළ නිරත වූ විදේශ සංචාරය නිමා කර 01/23 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ජනාධිපතිවරයා මෙම කාළය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට , උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වැනි නොබැඳි ජාතීන්ගේ රාජ්ය නායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්ය නායක සමුළුවට ද සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ආපසු කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණ තිබුණි .
ජනාධිපතිවරයා ඇතුළු ශ්රී ලංකා දූත පිරිස 01/23 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් 01/12 දින මුළින්ම මෙම සංචාරය ආරම්භ කරමින් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
