saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3220 hours ago

LATEST

අනුරට ජනතා හිතකරත්වය ඉහළට

calendar_today 2023 සැප් 20 - 12:09 remove_red_eye - 3571  

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි ෆේස්බුක් එසේත් නොමැතිනම් මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

Read More

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව මෙහිදී පැවසූ බංග්ලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

Read More

දකුණු කොරියාවේ පැවති 45 වන ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී රන් සහ රිදී පදක්කම් දිනා ගත් රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

ලෝක අවිවාහක රූ රැජින - 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැලදි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

ඉකුත් 2022 වසරේ ජූලි මස 19 දින එවකට අග්‍රාමාත්‍යවරයා ව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පුද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුව එහි දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශ්‍රාමික සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායක් මගින් කළුතර දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව හෙළි කළ කරුණුවලට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලා සිටින බවත්, ඊට අදාළ ලියුම භාරදීමට සිටි නමුත් එය භාරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා තම නිවසට පැමිණෙන බව දන්වා සිටි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (19දා) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Read More

රාජපක්ෂවරුන් වර්තමානයේදී බලයේ නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

අධිවේගී මාර්ගයේ මත්තල ගුවන්තොටුපල මාර්ගයේ අන්දර වැව කැලෑවේ සිට අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වන අලි හේතුවෙන් දැඩි ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව වාහන රියදුරන් පවසති.

Read More

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් සේවයට ගොස් සිටියදී අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර මාස 2ක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

Read More

පූඩළුඔය හැරෝවත්ත උඩකොටසේ පදිංචි පුද්ගලයෙකු තම දරු දෙදෙනාගේ ආහාරවලට වස දමා ඒවා කෑමට දී ඔහුද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 11 හා 8 යන වයස්වල පසුවන දරු දෙදෙනාට මෙසේ වස දී තිබේ.

Read More

ආනයන හා අපනයන ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදුන් ’තනි කවුළු මෙහෙයුම් පද්ධතිය’ (Single Window System) විධිමත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබාදෙනු ලැබිය.

Read More

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කරමින් සිටි හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

Read More

රත්ගම , කිරිමැටිය ආදාහනාගාරය අසල පිහිටි කටුදම්පේ ඇලේ පාවෙමින් අත් පා ගැට ගසා තිබූ තරුණයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව රත්ගම පොලීසිය කියයි.

Read More

නුරාධපුර නගරයට ආසන්න පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යානු කූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කල වයස අවුරුදු 20 ක තරුණයකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

Read More

ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා – ලෝක බැංකු සභාපති පවසයි. ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.

Read More

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය ප්‍රදේශයේ මඩ වගුරක එරී සිටි වන අලියෙක් ගොඩගෙන 18 වෙනිදා සවස මාදුරුඔය ජාතික වනෝද්‍යානයට පලවා හැරීමට පිඹුරත්තෑව හා වෙහෙරගල වනජීවී නිලධාරීන් කටයුතු කළහ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ 09/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.

Read More

ප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබා ගැනීම සදහා , ප්‍රංශයට අයත් ’’ රීයුනියන් ’’ ( Reunion ) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමේ සගවා තිබු ගිනි අවියක්,පතොරම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.

Read More

දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

කල වැරැද්ද පෙන්වා දීමට ගිය මොරගහහේන පොලීසියේ කොස්තාපල් වරයෙකුට කන හරහා පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරැම් රථ පෙලපාලියට ඊයේ (17දා) ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතළු සිවු දෙනෙකු චීනවරාය පොලිසිය මගින් අත් අඩංගුවට ගත්හ.

Read More

තලාතුඔය පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට නාඳුනන පිරිසක් විසින් රාත්‍රී කාලයේ දී පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බව තලාතුඔය පොලීසිය කියයි.

Read More

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා තරගයකින් අනතුරුව අතුරුදන් වූ 12 හැවිරිදි දරුවා පැයක් තුළ දී සොයා ගෙන මවට භාර දුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. පිහිනුම් තරඟයට සහභාගි වූ තම පුතු සුගතදාස ක්‍රීඩාංගණය අසල දි එකවරම අතුරුදන් වූ බව මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකඑච් හැරිසන් මහතා පොලිස් කණ්ඩායම් තුනක් පත්කර යුහුසුලුව දරුවා සොයා බැලීමට කටයුතු කර ඇත.

Read More

නිවසට පැමිණි නාගයෙකු එළවා දැමීමට කටයුතු කරමින් සිටි පුද්ගලයෙක් නිවසට පිටුපසින් ඇති අගලකට ඇද වැටී ගලක හිස ගැටී සිදුවූ තුවාල නිසා මියයාමේ සිද්ධියක් බදුල්ල මහ රෝහලේදී බදුල්ල හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ලීලාරත්න මහතාගේ ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.