මාලදෙණියේ පවුලක්ම මරා මුදල් කොල්ලකාලා
මාලදෙනිය ප්‍රදේශයේදී එකම පවුලේ පියා(78) , මව(80) , සහ විශේෂ අවශ්‍යතා සහිත පුතා(42) ඇතුලු එකම පවුලේ තිදෙනෙක් ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය පවසයි.
අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.
ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හමුවූ ජාතික හැඳුනුම්පත 78 හැවිරිදි පුද්ගලයකුට අයත් අයෙකුගේ හැඳුනුම්පතක් ඔහු සන්තකයේ තිබීම සම්බන්ධයෙන් සැකපළ වීම හේතුවෙන් පොලිස් නිලධාරින් හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය සොයා එහි යෑමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.
පසුව එම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී මළසිරුරු 3ක් හමුවී තිබේ.
ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අදාළ නිවැසියන්ගේ සමීප ඥාතියෙක් වූ ඔහු විසින් මෙම ඝාතන ත්‍රිත්වය සිදුකර ඇති බවය.
මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් තමන් සිය පුංචි අම්මා, බාප්පා සහ ඔවුන්ගේ පුත්‍රයා ගෙල සිරකර මරාදැමූ බව ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබුණි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ පුතා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

