පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
කොම්පඤ්ඤවීදිය කුමාර රත්නම් මාවත තැබෑරුමක් අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත. කොම්පඤ්ඤවිදිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පරික්ෂා කිරීමේදී එක් අයකු සන්තකයේ මෙම මත්ද්‍රව්‍ය තිබී ඇත.
අනෙක් සැකකාර කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින අයෙක්ද යන්න පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

