saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3215 hours ago

LATEST

මෛත්‍රීට එරෙහිව දයාසිරි වාරණයක් ගනියි

calendar_today 2023 සැප් 21 - 18:52 remove_red_eye - 527  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගැනීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය.

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල තේ කර්මාන්තය ආශ්‍රිත එකතුවකට යෝජනා තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමි

Read More

’’රටේ ජනතාවගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර ගොස් තිබෙනවා. රෝහල් තුළ ඇතිවන වෛද්‍යවරුන්ගේ හිඟයට ආදේශකයින් නොමැතිකමින් රෝගීන් විශාල දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මේ ආකාරයට වෛද්‍යවරු විදේශගත වීම වලකාලීමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ’’

Read More

මහවැලි අධිකාරියේ සේවයේ නියුතු වැඩ බලන ඒකක කළමනාකාරවරයකු ඉඩමක් පැවරීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන්, පුද්ගලයකුගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී ඊයේ (20දා) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

කන්තලේ මුලස්ථාන පොලිස් වසමට අයත් කන්තලේ වැව් ඉස්මත්තේ බට හතර කොටසේදි පෙරේදා (20)අවස්ථා දෙකකදි සිදුවු වල් අලි පහරදීම් දෙකකින් පොලිස් ස්ථානාධිපතිවරයෙකු බරපතල තුවාල ලැබු අතර අනෙක් පහරදිමෙන් පුද්ගලයකු මියගිය බව පොලිසිය කියයි

Read More

මොනරාගල පොලිස් වසමට අයත් කුඹුක්කන අන්දරමණ්ඩිය පදිංචි අවුරුදු 12 මාස 06 වයසැති දැරියකට ලිංගික අතවරකළ 68 හැවිරිදි පුද්ගලයෙකු මොනරාගල පොලීසිය මඟින් ඉකුත් (20) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අධිසුඛෝපභෝගී බස්රථයක් අද (21දා) අලුයම් කාලයේදී ගිනිගැනීමෙන් සම්පූරණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

කුරුණෑගල මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක හැපීමෙන් මරණයට පත්වූ බව කියන දහඅට හැවිරිදි තම පුතුගේ මරණය සැක සහිත බව ඔහුගේ දෙමාපියන් පවසති.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ඊයේ (20) දින කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි ඇත.

Read More

අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ 20 දින රාත්‍රියේ නිවෙස් කිහිපයක භූ චලනයක් වැනි සිද්ධියක් වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

Read More

අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී ඊයේ රාත්‍රී කාලයේදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

Read More

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

Read More

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවසීය.

Read More

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව වන ජීවී අංශ පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබේ

Read More

මීට වසර කිහිපයකට ඉහතදී මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පරිත්‍යාගය කරන ලද මියන් කුමාර් ඇත් රාජයා ලවා විහාරස්ථානය ආසන්නයේ මඩෙහි එරුණු ලොරියක් අද (20) දහවල් ගොඩට ගැනීමට ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් වැරෙන් පහර දෙමින් දැඩි උත්සාහයක යෙදෙන අයුරු දුටු එහි සිටි බොහෝ පිරිසක් තම අප්‍රසාදය පළ කළහ.

Read More

එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

Read More

මේ හැම ආයතනයකම බෝඩ් එකටම මුදල් අමාත්‍යාංශ නියෝජිතයෙක් ඉන්නවා. ඒ අය හරියට වැඩ කලානම් මේවා වහන්න වෙන්නේ නෑ. අමාත්‍යාංශ ලේකම්, විෂය භාර ඇමතිවරු ගෙන් රාජ්‍ය ඇමතිවරු ආයතන ප්‍රධානීන් දැනුවත් නොකර මෙලෙස තීන්දු ගැනීම වැරදියි. අපි පියන්ලා නෙමෙයි. අපිව දැනුවත් නොකර මේ වගේ තීන්දු ගන්නේනම් ඒවායේ වගකීමත් නිලධාරීන්ම ගන්න.

Read More

අනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කල බස් රථයක මඟ හරස්කර නතර කරවා, එහි ගමන් කල 21 හැවිරිදි තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස්, රුපියල් 10000ක මුදලක් කොල්ලකෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම නව මිල ගණන් අද (20දා) සිටම ක්‍රියාත්මක බවත් එම ආයතනය නිවේදනය කරයි.

Read More

රජය දුම්කොළ සහ මධ්‍යසාර මිල ගණන් වැඩි කිරීමෙන් ඒවා පාලනය කිරීමට උත්සාහ ගත්තත් තම දේශපාලන හිතමිතුරන්ට අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර ලබා දීම නිසා දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සම්බන්ධයෙන් රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

හිටපු ආණ්ඩුකාර ආචර්‍ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.

Read More

ළමා අපයෝජන සිද්ධි දෙකක් සම්බන්ධ නඩු දෙකක් පවතින සැකකරුවෙකු (52 ) මහාධිකරණයේ පෙනීසිටීමට බියෙන් වස පානය කර මිය ගොස් ඇති බව 19 දා පස්වරුවේ නිකවැරටිය රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය කෙරිණි.

Read More

බොරැල්ල සහ ගලපිටමඩ සිදු වූ ඝාතන සිද්ධීන් දෙකක සැකකරුවන් තිදෙනකුට නවාතැන් පහසුකම් දී රැකවරණය දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි ජනතා හිතකරත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි ෆේස්බුක් එසේත් නොමැතිනම් මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.